අමාවක කළු රෑට
සද ගනදුරේ හැංගුනාට
හද එලිය කිසිදාක
නැති වෙන්නෙ නෑ කියා
දන්නව නේද ඔබ..
මහ වැස්සෙ කැලතෙමින්
ගං දිය බොර මඩ පාට වූවාට
ගං ඉවුර හැමදාම
ඉන්නවා ගග දෙපස
දන්නව නේද ඔබ..
සුවද දුන් රෝස මල
පරවෙලා පෙති හැලුන
ඒත් රෝස මල් සුවද
පරවු පෙති අතරිනුත්
මුදු සුවදක් දෙන බව
දන්නවා නේද ඔබ..
නෑසුනද ඔබේ හඩ
නොපෙනුනද ඔබේ රුව
ජීවිතේ හැමදාක
වැසී ගිය හද පතුලෙ
ගැහෙන රිද්මය අතරෙ
ඇසේවි පෙනේවි මට
දන්නවා නේද ඔබ..
HAPPY BIRTH DAY MUTHU.......
No comments:
Post a Comment